කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් ඊයේ (22දා) දිනය අවසන් වනවිට 2,460ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණ අතරින් 19ක් විදේශයන්ගෙන් වාර්තා වන අතර, වෛරසය ආසාදනය වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 78,608ක් ලෙස වාර්තා විය. එම සංඛ්‍යාවෙන් 1,581 දෙනෙකු චීනයෙන් පිටත වාර්තා විය.
මේ අතර, චීනයේ පමණක් වෛරසය ආසාදනය වී සුවය ලැබූවන්ගෙන් සංඛ්‍යාව ඊයේ දිනය අවසන් වනවිට 22,698ක් දක්වා ඉහළ ගොස් ඇති බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.