අවශ්‍ය නම් කොවිඩ් -19 බූස්ටර් එන්නත් ලබාදීමට එක්සත් ජනපදය සැලසුම් කර ඇති බව එරට සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව සමග කොවිඩ් -19 ප්‍රතිචාරයේ ප්‍රධාන විද්‍යා නිලධාරි වෛද්‍ය ඩේවිඩ් කෙස්ලර් පැවසීය.
"දැනටමත් කොවිඩ්-19 එන්නත් ලබාගෙන ඇති ඇමෙරිකානු ජනතාවට අවශ්‍ය නම් බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට අප සැලසුම් කරමින් සිටින බව අවධාරණය කිරීමට කැමතියි." කෙස්ලර් සෙනෙට් සෞඛ්‍ය, අධ්‍යාපන, කම්කරු හා විශ්‍රාම වැටුප් කමිටුවට පැවසීය. "වයස වැඩිවීම, කාලයත් සමග ප්‍රතිදේහ ස්වාභාවිකවම අඩුවීම සහ නව ප්රභේදයන් නිසා කොවිඩ්-19 එන්නතේ බූස්ටර මාත්‍රාවක් අවශ්‍ය විය හැකියි."