චීනයෙන් පිටත නව කොරෝනා වෛරසය පැතිරීම වේගවත්ව වී ඇති රටවල් ලෙස දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය සැලකෙන අතර, එක්සත් ජනපදයෙන්ද මේ වනවිට කොවිඩ්-19 ආසාදිත මරණ 9ක් වාර්තා වී තිබේ.
දකුණු කොරියාවේ මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 5,328ක් ලෙස සැලසෙන අතර, මරණ සංඛ්‍යාව 32කි.
එමෙන්ම, එක්සත් ජනපදයේ ආසාදිත සංඛ්‍යාව 120ක් වන අතර, ඉන් සිව්දෙනෙකුට රෝගය වැලඳුණු ආකාරය සම්බන්ධයෙන් දැඩි මතභේදයක් උද්ගතව තිබේ.
ඉරානයේ ආසාදිතයන්ගෙන් 77 දෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ එරට සිටින තම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද කොවිඩ්-19 වැලඳී ඇති බවයි.