කොවිඩ්-19 (නව කොරෝනා) වසංගතය ආපස්සට තල්ලු කිරීමට හැකි වන්නේ, සාමූහික, මනා සම්බන්ධීකරණයකින් සහ පුළුල් ප්රවේශයකින් යුතුව යම් රජයක සමස්ත යාන්ත්‍රණයම සම්බන්ධ කරගැනීමෙන් පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මාධ්‍ය අමතමින් කියා සිටියේ දකුණු කොරියාව තුළ ආසාදිතයන් සංඛ්‍යාව අඩුවෙමින් පැවතීම රජයේ සමස්ත යාන්ත්‍රණය හරහා සිදුවන්නක් බවත්, එය දිරිගන්වනසුලු ලකුණක් බවත්ය.
එහිදී සෞඛ්‍ය, ආරක්ෂාව, විදේශ කටයුතු, මූල්‍ය, වාණිජ, ප්‍රවාහන, වෙළෙඳ, තොරතුරු සහ තවත් අමාත්‍යාංශ ඇතුළු රජයේ සෑම අංශයක්ම සම්බන්ධීකරණය කරමින් ඉහළ සිට නායකත්වයෙන් ආරම්භ වන ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු සියලු රටවලින් ඉල්ලීමක් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරන්නේ මෙම වෙරසය අවසන් කිරීමට නම් සමස්ත රජයම මැදිහත් විය යුතු බවයි.