කොවිඩ්-19 සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා එක්සත් ජනපද රජය සමග එක්ව නව වෙබ් අඩවියක් සංවර්ධනය කරමින් පවතින බව ගූගල් සමාගම කියයි.
මේ සම්බන්ධයෙන් පසුගියදා ඇමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ අනාවරණයෙන් පසුව ගූගල් සමාගම එය ප්රතික්ෂේප කර තිබුණත්, ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් දැන් කියන්නේ එවැන්නක් නිර්මාණය වෙමින් පවතින බවය.
එම පරස්පර ප්රකාශයෙන් පසුව ගූගල් නිවේදනයේ දැක්වුණේ, ෆෙඩරල් රජය සමඟ කොරෝනා වෛරස් රෝග ලක්ෂණ සහ පරීක්ෂණ පිළිබඳ තොරතුරු අඩංගු වෙබ් අඩවියක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් මෙම වෙබ් අඩවිය ක්රියාත්මක වන්නේ කවදාදැයි යන්න පිළිබඳව ගූගල් සමාගම කාල රාමුවක් ලබා දී නැත.
“ගූගල් මුල් පිටුව හරහා සිදුකරන දැනුවත් කිරීම්වලට අමතරව, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පුරවැසියන්ට ගත හැකි සරල ක්රියාමාර්ග පිළිබඳව වැඩි දැනුවත් කිරීමක් ප්රවර්ධනය කිරීම සඳහා මෙය අප විසින් ගනු ලබන වෙනත් ක්රියාමාර්ගවලට අමතරව ගනු ලබන ක්රියාමාර්ගයක්” යැයි ගූගල් සන්නිවේදන අංශය පවසයි.