නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් විශාල ෂියා මුස්ලිම් ජනගහනයක් වෙසෙන නැගෙනහිර කටිෆ් කලාපය තාවකාලිකව වසා දමන බව සෞදි අරාබිය අද (08දා) නිවේදනය කළේය.
ඒ අනුව කටීෆ් කලාපයට ඇතුළුවීමට හෝ පිටවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, අත්‍යවශ්‍ය ආයතන හැර කලාපයේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැඩ කටයුතු පළාත් පාලන ආයතන විසින් අත්හිටුවන බවත් රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
සෙනසුරාදා කටීෆ්හි පාසල්, විශ්වවිද්‍යාල සහ විවිධ අධ්‍යාපන ආයතනවල ඉගැන්වීම අත්හිටුවීම සිදුවූ අතර, නිසි පූර්වාරක්ෂාවක් සහිතව වාණිජ සැපයුම් කලාපයට ගලායෑම මෙම තහනමට හේතු විය.
මේ වනවිට සෞදි අරාබියේ කොරෝනා වෛරසය ආසාදන 11ක් වාර්තා වී තිබේ.