කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ මරණ සංඛ්‍යාව ඊයේ (23දා) දිනය අවසන් වනවිට 2,467ක් ලෙස වාර්තා විය.
මෙම මරණ සංඛ්‍යාවෙන් මරණ 25ක් විදේශයන්ගෙන් වාර්තා වූ අතර, ඉතිරි මරණ සියල්ල චීනයෙන් වාර්තා වී තිබුණි.
කෙසේ වෙතත් මේ වනවිට චීනය තුළ වෛරසය පැතිරීම බොහෝ සෙයින් පාලනය කර ඇති අතර, එරට වෛරසය ආසාදනය වූවවන් සංඛ්‍යාව ඊයේ දිනය අවසන් වනවිට 77,048කි. මේ අතර, විදේශයන්ගෙන් තවත් ආසාදිතයන් 1,712ක් වාර්තා වෙයි.
එමෙන්ම චීනය තුළ වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ප්‍රමාණය ඊයේ දිනය අවසන් වනවිට 22,936ක් බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.