කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (19දා) දිනය අවසන් වනවිට 2,125 දක්වා වැඩිවී තිබේ.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් චීනයෙන් පිටත සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 7ක් ලෙස වාර්තා වන අතර, වෛරසය ආසාදිතයන් සුවවීමේ ප්‍රවණතාව ඉහළ යමින් 16,041 දෙනෙකු චීනයේ පමණක් සුවය ලබා රෝහල්වලින් ඊයේ දිනය වනවිට පිටව ගොස් තිබුණි.
මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ප්‍රමාණය 75,597ක් ලෙස මේ වනවිට වාර්තා වන අතර, ඉන් 929 දෙනෙකු විදේශයන්ගෙන් වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා කරයි.