ජපානයේ සියලු පාසල් එලැඹෙන සඳුදා සිට මාර්තු මාසය අවසන් වනතුරු වසා දැමීමට ජපාන අගමැති ෂින්සෝ අබේ ඉල්ලීමක් කර තිබේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ජපානය තුළ ඉහළ යෑමත් සමග මෙම පියවර ගැනීමට අගමැතිවරයා කටයුතු කර ඇත.
විශේෂයෙන්ම ජපානයේ නැංගුරම්ලා තිබූ ඩයමන්ඩ් ප්රින්සස් නෞකාවේ සිටි පිරිස් වෙත වෛරසය ආසාදනය වීමෙන් පසුව, එය පාලනය කිරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට විවේචන එල්ල වෙමින් පවතී.
මේ තත්ත්වය තුළ ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිතයෙකු කියා සිටියේ නෞකාව තුළ නිරෝධායන ක්රියාවලිය වඩාත් තීව්ර කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවය.
ඒ අනුව මේ වනවිට ජපානය තුළ වෛරසය ආසාදනය වූවන් 800ක් පමණ වාර්තා වන අතර, ඉන් 700ක් පමණම මෙම නෞකාවේ සිටි පිරිස්ය. එමෙන්ම පුද්ගලයන් 7 දෙනෙකු මේ වනවිට එරටදී ජීවිතක්ෂයට පත්ව තිබේ.