නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ජපානයේ සිදුවූ පළමු වැනි මරණය වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 80 හැවිරිදි වියේ පසුවන කාන්තාවක වන අතර, මෙය ජපානයෙන් නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ පළමු වැනි මරණය බව ජපාන සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
ටෝකියෝ නගරයට ආසන්න කනගාවා ප්‍රාන්තයේ ජීවත් වූවෙකි. කෙසේ වෙතත් ඇයට රෝගය වැළඳී ඇති බවට වූ වෛද්‍ය වාර්තාව ලැබී ඇත්තේ ඇය මියගිය දිනට පසුව බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත් ඇය විදෙස් සංචාරයක් සිදුකර ඇති බව වාර්තා නොවන බවද ජපාන එන්.එච්.කේ. පුවත් සේවය වැඩිදුරටත් පවසන බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.