නව කොරෝනා වෛරස් අර්බුදය පිළිබඳ බිල් ගේට්ස්ගේ අදහස් යැයි කියමින් ව්‍යාජ ලිපියක් අන්තර්ජාලය තුළ පුළුල් ලෙස බෙදාහැරී ඇති බවත්, වසංගතය පිළිබඳව ව්‍යාජ පුවත් හුවමාරු වීම කනස්සල්ලට හේතුවක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
“කොරෝනා / කොවිඩ් -19 ඇත්තටම අපට උගන්වන්නේ කුමක්ද?” යන ශීර්ෂයෙන් ව්‍යාජ ලිපිය සඳුදා සිට ඊමේල් සහ වට්ස්ඇප් කණ්ඩායම් හරහා සංසරණය වීමට පටන් ගෙන ඇති බවට විශ්වාස කෙරෙන අතර එය තවත් සමාජ මාධ්‍යවලද හුවමාරු විය.
මයික්‍රොසොෆ්ට් නිර්මාතෘවරයාගේ නමින් පළ කර ඇති මෙම “විවෘත ලිපිය” කියා සිටින්නේ රෝගය ඇතුළුව “සිදුවන සෑම දෙයක්ම පිටුපස අධ්‍යාත්මික අරමුණක් ඇති” බවයි.
එබැවින් මෙවැනි ලෝකයම අර්බුදයක ලක්ව ඇති මොහොතක ව්‍යාජ පුවත් හුවමාරු කිරීමෙන් වළකින ලෙසත්, එය මෙවැනි අර්බුදයක් රටක් හා ලෝකයක් ලෙස එක්ව ජයගැනීමට හැකි අවස්ථා අවුරාලන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.