කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව මේ වනවිට ලොව පුරා 218,000ක් ඉක්මවා ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ තවත් දත්ත වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාවද 9,000 සීමාවට ළඟාවෙමින් ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඊයේ දිනය තුළ චීනය තුළදි වෛරසය ආසාදනය වූ එකදු පුද්ගලයෙකු හෝ වාර්තා නොවුණු අතර, විදේශයන්හි සිට චීනය වෙත වෛරසය සමග ඇතුළු වූවන් 34 දෙනෙකු පමණක් හඳුනාගෙන තිබුණි.
එමෙන්ම දකුණු කොරියාවේ වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 8,565ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට තුළ මර්ණ 152ක් වාර්තා වෙයි.