කැලිෆෝනියාවේ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රාන්තයේ උතුරු පෙදෙසෙහි හුදකලා ප්‍රදේශයක තිබියදී මළ සිරුරු 14ක් සොයා ගැනීමත් සමග මේ ආකාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, උතුරු ප්‍රදේශයේ පුද්ගලයන් 23 දෙනෙකු සහ දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් 2දෙනෙකු වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව, ප්‍රාන්තය පුරා පැතිර යන මහා ලැව්ගිනි තුනක් සමග පුද්ගලයන් 250,000ක් තම නිවෙස් හා ගම්බිම් අත්හැර ආරක්ෂිත ස්ථාන කරා යොමුකරවීමට බලධාරීන් කටයුතු කර තිබුණි.
මේ අතර, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට හා පාලනාධිකාරියට චෝදනා එල්ල කරමින් කියා තිබුණේ ඔවුන්ගේ නොසැලකිල්ල මේ ලැව්ගිනි පැතිරීමට හේතු වී ඇති බවයි.