එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, ඕක්ස් හි තැබෑරුමක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීම බදාදා රාත්‍රී 11.20ට පමණ ආරම්භ වී ඇති අතර, මියගිය අය අතර පොලිස් නිලධාරියෙකුද සිටින බව සඳහන් වෙයි.
මෙම වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී තැබෑරුම තුළ පුද්ගලයන් 200ක් පමණ රැඳී සිට ඇති බව පොලීසිය කියයි.
මෙම ප්‍රහාරය දියත් කළ සැකකරු ඒ තුළ වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගැනීමට හැකි වුවත්, ඔහුගේ අනන්‍යතාව මෙන්ම, සිද්ධියට හේතුව මෙතෙක් තහවුරු කරගැනීමට නොහැකි වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
කළු වර්ණයෙන් ඇඳගෙන මේ තුළට ඇතුළු වී ඇති ප්‍රහාරකයා පසුව විවෘත වෙඩි තැබීමක් සිදුකර ඇත. එමෙන්ම, ඔහු ප්‍රහාරයට පෙර දුම් බෝම්බයක්ද ගසා ඇති බවත්, ඔහු අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් මේ සඳහා යොදාගෙන ඇති බවත් කියැවෙයි.