කාලගුණ විපර්යාස පාලනය සඳහා පියවර ගන්නා ලෙස ලෝක ප්‍රජාවට බල කරමින් පරිසරවේදීහු ලොව පුරා ක්‍රියාකාරී සමුළුවක් හා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
ගෝලීය කාලගුණ ක්‍රියාකාරී සමුළුව සඳහා දේශපාලඥයන්, ව්‍යාපාරික නායකයන් සහ ජනප්‍රිය පුද්ගලයන් සහභාගී වනු ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෆේස්බුක් සහ ගූගල් වැනි ආයතනද මීට සහාය දක්වන බව කියයි.
නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක 350.org විසින් මෙහි උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානයට කටයුතු කරන බව කියයි.
ඒ අනුව, සමස්තයක් ලෙස රටවල් 90ක උද්ඝෝෂණ 800ක් පැවැත්වීමට සූදානම් වන බවද ඔවුහු පවසති.
පසුගිය සිකුරාදා පැසිෆික් දූපත් රාජ්‍යයන් පවසා සිටියේ ඔවුන් මුහුණදෙන ප්‍රධාන අවදානම කාලගුණ විපර්යාස බවයි.