නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 50 දෙනෙකු ඝාතනයට ලක්කළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළුනේද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් නම් වූ 28 හැවිරිදි මෙම තැනැත්තා අදාළ නඩු විභාගය සඳහා පෙනී සිටීමට සුදුසු මානසික මට්ටමක සිටීද යන්න මෙම පරීක්ෂණයේදී අනාවරණය කරගනු ඇති බව නවසීලන්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් පවසයි.
පසුගියදා මොහු අධිකරණය හමුවේ පෙනී සිටි අතර, මෙම අවස්ථාවට මියගිය පිරිස්වල ඥාතීන්ද එක්රැස්ව සිටි බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, මනුෂ්‍ය ඝාතන චෝදනා 50ක් සහ මනුෂ්‍ය ඝාතන තැත් කිරීමේ චෝදනා 39ක් ඔහුට එරෙහිව එල්ල වනු ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.