නවසීලන්තයේ සංචාරයක නිරත වූ කේම්බ්‍රිජ් හි ආදිපාදවරයා වන විලියම් කුමරු ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් බැලීම සඳහා රෝහලක් වෙත ගොස් තිබේ.
මස්ජීද් අල් නූර් මුස්ලිම් දේවස්ථානය ඉලක්ක කරමින් ප්‍රධාන ප්රහාරයන් පමණක් පුද්ගලයන් 42ක් ජීවිතක්ෂයට පත්වූ අතර, මෙම සමස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 50ක් මියගියහ.
මෙවැනි වේදනාකාරී අවස්ථාවක නවසීලන්තය ඊට ඉතා හොඳින් මුහුණදුන් බව විලියම් කුමරු එහිදී පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ අන්ත දක්ෂිණාංශික තුවක්කුකරු නවසීලන්ත ප්‍රහාරය දියත් කිරීමෙන් ජයග්‍රහණයක් නොව පරාජයක් අත්කර ගත් බවද විලියම් කුමරු පවසා ඇත.
ත්‍රස්තවාදය එකිනෙකා කෙරෙහි වෛරය වැපිරීමට හා එකිනෙකා උසිගැන්වීමට උත්සාහ කළත් එය ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත්වූ බව කුමරු වැඩිදුරටත් පවසයි.