දකුණු කොරියාවේ නව කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රයේ සිටි ආගමික නිකායේ ප්‍රධානියා රෝගය පැතිරීම සම්බන්ධයෙන් ජාතියෙන් ප්‍රසිද්දියේ සමාව ඉල්ලා තිබේ.
ප්රවෘත්ති සාකච්ඡාවකදී ෂින්චියොන්ජි පල්ලියේ නායක ලී මෑන්-හේ දණින් වැටී හිස නමා ආචාර කළ බව විදෙස් වාර්තා පවසයි
දකුණු කොරියාවේ මේ වනවිට තහවුරු වූ රෝගීන් 4,000කට වඩා 60%ක් පමණ නිකාය සාමාජිකයන් වීම මෙම මතභේදයට හේතුවයි.
චීනයෙන් පිටත නව කොරෝනා වෛරසය පැතිරීමේ උච්චතම ස්ථානය වන දකුණු කොරියාව නව රෝගීන් 476ක් සඳුදා දිනය වනවිට වාර්තා කර තිබූ අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව 4,212ක් විය. එහි මරණ 26ක් වාර්තා වී තිබේ.
වෛරසය පැතිරීමට ඔහුගේ නොසැලකිල්ල හේතු වූ බවත්, නිකායේ පුද්ගලයන් සම්බන්ධයෙන් කරුණු වසන්කිරීඹ හේතුවෙන් වෛරසය වේගයෙන් පැතිර ගිය බවටත් ඔහුට චෝදනා එල්ල වෙමින් තිබුණි.