කැලිෆෝනියාවේ කොරෝනා වෛරසය ආසාදිතයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.
71 හැවිරිදි මෙම පුද්ගලයා සක්රමේටෝ ආසන්න රෝහලකදී මියගොස් ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යටපත් වී තිබී ඇති අතර, ඔහු නෞකාවක ගමන් කර ඇත්තෙකු බවත් බලධාරීන් පවසයි.
ඒ අනුව නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රට පුරා පරීක්ෂණ පුළුල් කිරීම ධවල මන්දිරය බදාදා පියවර ගත් අතර, එක්සත් ජනපදයේ ප්‍රාන්ත 16ක අවම වශයෙන් කොරෝනා ආසාදිතයන් 150ක් වාර්තා වී තිබේ.
ලොව පුරා වෛරස් රෝගීන් 93,000 කට වැඩි සංඛ්‍යාවක් බලධාරීන් විසින් සනාථ කර ඇති අතර ඉන් 80,000කට වැඩි පිරිස චීනයෙන් වාර්තා වෙයි.
එක්සත් ජනපද මරණ 11න් 10ක්ම වොෂිංටන් ප්‍රාන්තයේ සිදු වූ නමුත් වෛරසය පැතිරීම ටෙක්සාස් සහ නෙබ්රස්කාහි දක්වාද විහිදී තිබේ.
කොරෝන වෛරසය පාලනය කිරීම සඳහා වොෂිංටන් සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්තවල සති අන්තයේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇත.
මියගිය කැලිෆෝනියානු ජාතිකයා පසුගිය මාසයේ සැන් ෆ්රැන්සිස්කෝ සිට පිටත්ව මෙක්සිකෝවට ගිය සංචාරක නෞකාවක ගමන් කරමින් සිටියදී මෙම රෝගයට නිරාවරණය වී ඇතැයි විශ්වාස කෙරේ. මේ තත්ත්වය තුළ අදාළ නෞකාවට හැකි ඉක්මණින් සැන් ෆ්රැන්සිස්කෝ වරායට පැමිණෙන ලෙස නියෝග කර ඇත්තේ එය විෂබීජහරණයකට ලක්කිරීම සඳහාය.