චීනයේ පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පිරිස ඊයේ දිනය අවසන් වනවිට 1,000 ඉක්මවා යෑම නිසා වෛරසය පැතිරීම පාලනය සම්බන්ධයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
හුබෙයි සෞඛ්‍ය කොමිසම වෙනුවෙන් කටයුතු කරන පක්ෂ මහලේකම්, කොමිසමේ ප්‍රධානියාද මෙසේ ඉවත් කළ පිරිස අතර වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තනතුරුවලින් ඉවත් කෙරුණු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනා ඔවුන් බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, රතු කුරුස සංවිධානයේ එරට අධ්යක්ෂවරයාද මෙසේ ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට කඩිනමින් නව නිලධාරීන් පත් කිරීමටද කටයුතු කර තිබේ.
ඊයේ දිනයේදී හුබෙයි පළාතෙන් පමණක් මරණ 103ක් වාර්තා වී, වෛරසය ආසාදනය වූවන් 1,016 දෙනෙකු වාර්තා වී තිබුණද, රට පුරා රෝගය පැතිරීම ඊට පෙර දිනට සාපෙක්ෂව 20%කින් පමණ පහළ ගොස් තිබුණේ, 3,062 සිට 2,478 ලෙසිනි.