නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සටන් වදින ඉතාලිය අද (05දා) සිට දින 10ක් සියලුම පාසල් වසා දමන බව තහවුරු කර තිබේ.
එමෙන්ම එරට ප්රාපන්දු ලීග තරගාවලි ඇතුළු සියලුම වෘත්තීය ක්‍රීඩා මාසයක් යනතුරු නොපැවැත්වීමට තීරණය කර ඇත.
කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් යුරෝපයේ දරුණුතම පිපිරීම ඉතාලියෙන් වාර්තා වන අතර, එරට වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා පුද්ගල මරණ 107ක් සිදුව තිබේ.
මේ තත්ත්වය තුළ ඉතාලි සෞඛ්‍ය සේවය දැඩි අවදානමකට ලක්ව ඇති බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉතාලිය මේ වනවිට ආසාදිතයන් 3,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, එය ඉතාලියේ කලාප 20න් 19කම වෛරසය තහවුරු වීමකි.