ලෝක නායකයන් පවා නව කොරෝනා වෛරසයේ නිරෝධායන පියවරයන්ගෙන් බේරී නොමැති බව ප්රකට කරමින්. මොන්ගෝලියානු ජනාධිපති කල්ට්මාජින් බතුල්ගා අසල්වැසි චීනයේ දිනක සංචාරයකින් ආපසු පැමිණ දින 14ක් හුදෙකලා නිරෝධායනයකට එක්ව තිබේ.
නව කොරෝනා වෛරසය පැතිරී යාමෙන් පසු චීනයට ගිය පළමු වැනි රාජ්ය නායකයා බතුල්ගා බවට පත්වෙයි. ඔහු චිනය වෙත ගියේ ආසාදනයට එරෙහිව සටන් කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව ජනාධිපති ෂී ජින්පිං හමුවී සාකච්ඡා කිරීමටය.
එහෙත් රාජ්ය ප්රවෘත්ති ඒජන්සිය වන මොන්ස්ටේම් පැවසුවේ බතුල්ගා සහ ඔහුගේ නියෝජිතයන් සති දෙකක කාලයක් හුදකලාව ගත කරනු ඇත්තේ “පූර්වාරක්ෂාව” ලෙසින් බවයි.
නව කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා මොන්ගෝලියාව සිය අගනුවර වන උලාන්බාතාර් සිට අඟහරුවාදා දක්වා වෙනත් පළාත්වලට ගමන් කිරීම සීමා කර තිබේ.