ඇතැම් රටවල සිදුවූ කොරෝනා මරණ හේතුනේ දකුණු කොරියාවේ කොවිඩ්-19 වෛරස් රෝගය පැතිර යාමට දැඩි බලපෑමක් කළ ආගමික පල්ලියක ප්‍රධානියාට බලපෑම් එල්ල වන බව දකුණු කොරියාවෙන් වාර්තා වෙයි.
ලී මෑන්-හී නමැති මෙම පුද්ගලයා ෂින්චියෝන්ජි පල්ලියේ ප්රාරම්භයකයා වන අතර, ඔහුත් සමග තවත් 11 දෙනෙකුට චෝදනා ගොනුකරන ලෙස සෝල් අගනුවර රජය විසින් අභිචෝදකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
වෛරසය පැතිරී යාමට පෙර එය වැලඳුනු පුද්ගලයන් හඳුනා ගැනීමට බලධාරීන් කටයුතු කරද්දී, තම සංවිධානයේ සෙසු සාමාජිකයන්ගේ අනන්‍යතාව බලධාරීන්ට සැඟවීමට ඔහු උත්සාහ කළ බවට චෝදනා නැගෙයි.
චීනය හැරුණු විට නව කොරෝනා වෛරසයේ වඩාත් දරුණු තත්ත්වයක් දකුණු කොරියාවෙන් මේ වනවිට වාර්තා වෙයි.
එරට තුළ මේ වනවිට නව කොරෝනා රෝගීන් 3,730ක් හඳුනාගෙන ඇති අතර, මරණ 21ක් සිදුව තිබේ.
මෙසේ වෛරසය ආසාදනය වූවන්ගෙන් අඩකට වැඩි පිරිස අදාළ ආගමික පල්ලියේ සාමාජිකයන් බව හඳුනාගෙන ඇත.