චීනයේ නව කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් ඊයේ (10දා) සවස් භාගයේදී චීනය වෙත ළඟා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මෙම විශේඥයන් පිරිස පැමිණි බව තහවුරු කළේය.
ආචාර්ය බෘස් අයිල්වර්ඩ්ගේ නායකත්වයෙන් යුතු මෙම වෛද විශේෂඥ කණ්ඩායම විශාල ජාත්‍යන්තර කණ්ඩායම් මේ සඳහා යොමුවීමට අඩිතාලම දමනු ඇති බව චීන මාධ්‍ය පවසයි.
"බෘස් සහ ඔහුගේ සගයන් චීන වෛද්‍ය කණ්ඩායම් සමග එක්ව අපට නිවැරදිව ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට නිවැරදි විශේෂඥ දැනුම ඇති බව තහවුරු කරගනු ඇති" යැයි ටෙඩ්රොස් පැවසුවේ, මෙම කණ්ඩායමට සාමාජිකයින් 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් සිටිය හැකි අතර, ඉදිරියේදී හැකියාවක් පැවතුණහොත් තවත් කණ්ඩායම් එකතු වනු ඇති බවයි.