G20 රාජ්ය නායක සමුළුව අතරතුර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර වඩාත් මිත්රශීලී හමුවක් සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම කතාබහ අතරතුර ඇමෙරිකානු නායකයා විසින් පූටින් වෙත විහිළුවක් කරමින්, මෙවර මැතිවරණයට අතපෙවීම් නොකරන ලෙස කියා තිබේ.
එහිදී, පූටින් වෙත ඇඟිල්ල දිගු කළ ට්රම්ප්, "කරුණාකර මැතිවරණයට අතපෙවීම් කරන්න එපා..!" යැයි කියා සිටියේය.
2016 ඇමෙරිකානු ජනපතිවරණයට රුසියානු අතපෙවීමක් සිදුවූ බවට පැවති කතාබහ මෙන්ම, ඒ සම්බන්ධයෙන් රොබට් මුලර් විසින් සිදුකළ පර්යේෂණය අවසන් වීමෙන් පසුව දෙරටේ නායකයන් අතර පැවති ප්රථම හමුවද වෙයි.
මුලින් ඇමෙරිකානු බුද්ධි අංශ විසින් එම මැතිරවණයට රුසියානු අතපෙවීමක් සිදුවූ බව කියා තිබුණත්, මුලර් වාර්තාවෙන් එවැනි අතපෙවීමක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමු නොවූ බව කියා සිටියේය.