කියුබානු රජය විසින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය මාධ්‍ය සහ කොමියුනිස්ට් පක්ෂ නායක රාවුල් කැස්ත්‍රෝගේ දියණිය ඇතුළු නිලධාරීන්ගේ ගිණුම් කිහිපයක් ට්විටර් විසින් අත්හිටුවා තිබේ.
සමාජ මාධ්‍ය ප්රමුඛයෙකු වන ට්විටර් සමාගම පෙන්වා දෙන්නේ, සිය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම නිසා මෙම අත්හිටුවීම් සිදුකළ බවයි.
කියුබාවේ ජනාධිපති මිගෙල් ඩියාස්-කැනල් විසින් ඉන්ධන හිඟය පිළිබඳව රූපවාහිනී ප්‍රකාශයක් සිදුකිරීමත් සමග මෙම පියවර ගෙන තිබේ.
කියුබානු රජයට පක්ෂපාතී මාධ්‍ය විසින් මෙම අත්හිටුවීම දැවැන්ත වාරණයක් ලෙස හෙළා දැක ඇති අතර, කියුබානු ආයතන සහ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමත්, විප්ලවයේ නායකයන් නිහඬ කිරීමේත් සයිබර් යුද්ධයක් ලෙස ඔවුන් මෙය හඳුන්වයි.
ජනාධිපති ඩයස්-කැනල් විසින් බදාදා රාජ්‍ය රූපවාහිනියෙන් නිවේදනය කිරීමට ටික වේලාවකට පෙර මෙම අත්හිටුවීම් ආරම්භ වූ අතර පසුදා උදෑසන එය දිගටම පැවතියේය.