කාම්බෝජයේ මහල් 7ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය පිරිස 18 දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
සිද්ධියෙන් තවත් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, තවදුරටත් මිනිසුන් ඒ තුළ සිරවී සිටීද යන්න පිළිබඳ සෝදිසි සිදුවන බවත් වාර්තා වෙයි.
එරට වෙරළ නගරයක් ආසන්නයේ තවමත් ඉදිවෙමින් පැවති චීන සමාගමකට අයත් ගොඩනැගිල්ලක් මෙසේ කඩා වැටී තිබුණි.
මෑත කාලයේදී මෙම ප්‍රදේශයේ චීන සංචාරක හෝටල් සහ කැසිනෝ සමාජ ශාලා විශාල වශයෙන් ඉදිවෙමින් පැවති අතර, මෙම ගොඩනැගිල්ලද එවැන්නකි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බව කාම්බෝජ පොලීසිය පවසයි.