උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් චීන ජනපති ෂී ජින්පිංගේ ආරාධනයක් අනුව රහසේම චීනයේ හදිසි සංචාරයක් සඳහා පැමිණ තිබේ.
ඒ අනුව, එලැඹෙන ජනවාරි 10 වැනිදා දක්වා කිම් සිය බිරිඳ වූ රී සොල්-ජූ සමග චීනයේ ගතකරනු ඇති බව කියැවෙයි.
කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් අතර දෙවැනි වටයේ සාකච්ඡාවක් පිළිබඳ කතාබහක් යන අතරතුර මෙම හදිසි සංචාරය සිදුව ඇත.
මෙම නායක දෙපළ පසුගිය ජූනි මාසයේදී සිංගප්පූරුවේදී හමුවූ අතර, එය බලයේ සිටින ඇමෙරිකානු ජනපතිවරයෙකු උතුරු කොරියානු නායකයෙකු හමුවූ ප්රථම අවස්ථාව විය.
උතුරු කොරියානු නායකයාගේ අති විශේෂ දුම්රියෙන් හෙතෙම මෙම සංචාරය සඳහා චීනයට පැමිණ සිටි අතර, ආරක්ෂක රථ ඩැන්ඩොන්ග් දේශසීමා නගරය වෙත පැමිණ තිබුණි.