චීනයේ හදිසි සංචාරයක් සඳහා පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් ඉදිරියේදී ඇමෙරිකානු ජනපතිවරයා සමග තවත් සාකච්ඡා වටයකට සහභාගී වන බවට ඉඟි පළ කර තිබේ.
අද (10දා) සිය චීන සංචාරය නිමා කරමින් චීනයේ බීජිං නුවරින් යළි ප්යොන්ග්යැන්ග් බලා පිටත්ව යනවිට මෙම දෙවැනි සාකච්ඡාව පිළිබඳ කොළ එළියක් දල්වා ඇත්තේ චීන ජනපතිවරයාය.
චීන ජනපති ෂී ජින්පිං විසින් ෂිංහුවා පුවත් ඒජන්සිය වෙත අදහස් දක්වමින් නායක දෙපළ බොහෝදුරට හමුවීමේ ඉඩප්රස්ථාවක් පවතින බව සඳහන් කර ඇත.
චීනය, උතුරු කොරියාවේ සමීප මිත්රයෙකු වන අතර, උතුරු කොරියාවේ ප්රධාන වෙළෙඳ සහකරුවා වන්නේද චීනයයි.
උතුරු කොරියානු නායකයා සහ ඇමෙරිකානු නායකයා අතර ප්රථම සාකච්ඡාව පසුගිය වසරේ ජුනි මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්වුණු අතර, කොරියානු අර්ධද්වීපය න්යෂ්ටිකහරණයට ලක්කිරීම එහි ප්රමුඛ කතාබහ විය.