උතුරු කොරියාව විසින් විවිධ මිසයිල උපාංග අත්හදා බලමින් සිදුකළ යුද අභ්‍යාසයක් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් නිරීක්ෂණය කර තිබේ.
කෙටි දුර විහිදුම් මිසයිල කිහිපයක් මෙහිදී උතුරු කොරියාව අත්හදා බලා තිබුණු අතර, මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබූ ඇමෙරිකානු ජනපති ඩොන්ලඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් තබමින් කිය තිබුණේ, තමාට ලබාදී ඇති පොරොන්දුව කිම් ජොන්ග්-උන් නොකඩනු ඇති බවයි.
තමා ඔහු සමග සිටින බව කිම් ජොන්ග්-උන් දන්නා බවත්, තමාට ලබාදී ඇති පොරොන්දුව කඩ කිරීමට ඔහුට අවශ්‍යතාවක් නොමැති බවත්, දෙදෙනා අතර ගනුදෙනුව සිදුවනු ඇති බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි මස වියට්නාමයේ, හැනොයි නුවර පැවති සමුළුවකදී කිම් ජොන්ග්-උන් විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමග උතුරු කොරියාව සාම මාවතෙන් ඉවත් වන බවක් පෙනෙන්නට තිබේ.
එම සාකච්ඡාවේදී උතුරු කොරියාව ඉදිරිපත් කළ යෝජනා ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ නරක ගනුදෙනුව ලෙසිනි. කෙසේ වෙතත්, එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර පවතින සාකච්ඡා වේගවත් කිරීම සඳහා වොෂිංටනයට පීඩනයක් එල්ල කිරීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ විය හැකි බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.