උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් සමග පවත්වන සමුළුවක් වෙනුවෙන් රුසියාවට පැමිණ තිබේ.
රුසියානු නායකයා සමග සිදුකරන මෙම ප්‍රථම සාකච්ඡාවට කිම් ජොන්ග්-උන් තමාගේ නිල දුම්රියේ නැගී පැමිණියේ එරට ව්ලැඩිවොස්ටොක් නගරය වෙතය.
රුසියාවේ සාම්ප්‍රදායික පිළිගැනීමේ චාරිත්‍ර අනුගමනය කරමින් පාන් සහ ලුණු පිළිගන්වා උතුරු කොරියානු නායකයා පිළිගැනීමට රුසියානු බලධාරීන් ක්‍රියා කළේය.
මෙම හමුවේදී කොරියානු අර්ධද්වීපයේ පවතින න්‍යෂ්ටික ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ක්‍රෙම්ලීනය පවසා සිටි අතර, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු රුසියාවේ සහාය ලබාගැනීම කිම් ජොන්ග්-උන්ගේ බලාපොරොත්තුව වී ඇතැයි විශ්ලේෂකයෝ පවසති.