කාන්තාවන්ට තහනම් කර තිබූ හින්දු කෝවිලකට ඇතුළු වෙමින් ඉතිහාසය වෙනස් කළ ඉන්දීය කාන්තාවන් දෙදෙනාගෙන් අයෙකුට සිය නැන්දම්මා විසින් දරුණු පහරදීමක් සිදුකර තිබේ.
මෙම පහරදීම හේතුවෙන් කනක දුර්ගා නමැති 39 හැවිරිදි කාන්තාව රෝහල්ගත කර තිබූ අතර, ඇය මේ වනවිට තරමක සුවයකින් පසුවන බව කියැවෙයි.
මෙසේ දේවාලයට ඇතුළු වීමෙන් පසු පසුගිය ජනවාරි 02දා සිට අතුරුදන්ව සිටි ඇය යළිත් සිය නිවසට පැමිණි අවස්ථාවේදී ඇගේ නැන්දම්මා විසින් ඇයට පහරදුන් බව ඇය පොලීසියට පවසා තිබේ.
ආර්තවය පවතින වයසේ කාන්තාවන්ට මෙම හින්දු කෝවිල වෙත ඇතුළු වීම සපුරා තහනම්ව පැවතියත්, පසුගිය සැප්තැම්බර් මස අධිකරණ නියෝගයකින් එම තහනම ඉවත් කළේය.
නමුත්, කෝවිල වෙත ඇතුළු වීමට කාන්තාවන්ට කිසිදු අවස්ථාවක් ලබානොදීමට ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පුරුෂයන් සහ පූජකයන් කටයුතු කර තිබුණි.
නමුත්, මෙම කාන්තාව සහ තවත් කාන්තාවක පසුගියදා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කෝවිල වෙත ඇතුළු විය.