කැනඩාවේ කුඩා නගරයක් වන නෝවා ස්කොටියා හි සති අන්තයේ සිදු වූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයින් 9 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නෝවා ස්කොටියා හි පෝර්ටපික්හි පිහිටි නිවසක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, පොලීසිය ලැබුණු හදිසි ඇමතුමකට අනුව ඔවුන් එම ස්ථානයට යනවිටත් නිවසේ සාමාජිකයන් නිවස තුළ හා පිටත වෙඩි වැදීම් තුවාල සමග වැටී සිටි බව රාජකීය කැනේඩියානු කඳුකර පොලිසියේ ප්රධාන අධිකාරී ක්රිස් ලෙදර් වාර්තාකරුවන්ට පැවසීය.
පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවත්, මෙතෙක් එය තහවුරු නොකළ අගයක් වන බවත්, මියගිය හා තුවාල ලැබූ පිරිස මීට වඩා වැඩිවිය හැකි බවත් පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් 51 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය එක් රැයක් තුළ සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට පත්ව තිබේ. කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඔහු පොලීසිය සමග වෙඩි හුවමාරුවක්ද සිදුකර ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.