දකුණු ඉන්දියාවේ කන්ටේනර් රථයක් ලිස්සා ගොස් බස් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර, කන්ටේනර් රථයේ ටයරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලිකව නිගමනය කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 48ක් පමණ සිටි අතර, කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද එරට වාර්තා පෙන්වා දෙයි.
එරට වේලාවෙන් අද (20දා) අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අධිවේගී මාර්ගයේ බස් රථය ගමන් කරමින් සිටි අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් කන්ටේනර් රථය ලිස්සා පැමිණ එහි ගැටී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම බස් රථය අසල්වැසි කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ සිට කේරළයේ අර්නාකුලම් දක්වා ගමන් කරමින් සිට ඇති අතර, අනතුර සිදුකළ කන්ටේනර් රථයේ රියදුරු පළාගොස් තිබේ.