චීනයේ ෂෙන්සෙන් කැන්ග්තායි ජෛව නිෂ්පාදන සමාගම විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත සඳහා එරට ඖෂධ අධිකාරිය විසින් හදිසි භාවිත අනුමැතිය ලබාදී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කැන්ග්තායි සමාගම කියා සිටියේ දැනට මෙම එන්නත් සඳහා තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් සිදුකරන බවයි.
මෙය චීනයේ හදිසි භාවිතයට අනුමත කළ 6 වැනි කොවිඩ්-19 මර්දන එන්නත වන අතර, මුලින් අනුමත කළ එන්නත් අතර සීනොෆාම් වෙතින් එන්නත් දෙකක්, සීනොවැක් එන්නතක්, කැන්සිනෝ එන්නතක් සහ චීන විද්‍යා ඇකඩමියේ ක්ෂුද්රජීව විද්‍යායතනයෙන් එන්නතක් ලෙස එන්නත් අනුමත එන්නත් පැවතිණි.
චීන ප්‍රධාන භූමියේ ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද එන්නත සංවර්ධනය කිරීමට හා නිෂ්පාදනය කිරීමට කැන්ග්තායි සමාගමට පූර්ණ අයිතියද හිමිව තිබේ.