කාන්තාවන් 7 දෙනෙකු සහ එක් කුඩා දරියක ඝාතනය කළ බව අත්අඩංගුවට පත් සයිප්‍රස් ජාතිකයෙකු පාපොච්චාරණය කර තිබේ.
මෙය සයිප්‍රසය තුළ එවැනි ආකාරයේ මනුෂ්‍ය සංහාරයක් සිදුවූ ප්‍රථම අවස්ථාව බව විදෙස් වාර්තා පවසයි.
මොහු අතින් ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු මීට මසකට පෙර පතල් ප්‍රදේශයකින් සොයා ගැනුණු අතර, තවත් මළ සිරුරක් ඊයේ (25දා) හමුව තිබුණි.
මෙම සැකකරු වයස අවුරුදු 35ක සයිප්‍රස් ජාතිකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු හිටපු හමුදා සාමාජිකයෙකු බවද සඳහන් වෙයි.
ඝාතනයට ලක්වූ කතුන් අතර ඉන්දියානු හා නේපාල ජාතික කතුන්ද වන බවත්, ඔවුන් ඩේටින් වෙබ් අඩවියක් ඔස්සේ මොහුගේ වසඟයට ලක්ව ඇති බවත් අනාවරණය වෙයි.
මොහු අතින් ඝාතනයට ලක්ව ඇති කුඩා දැරිය එක් කාන්තාවකගේ දියණියක බව විශ්වාස කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩිදුරටත් පරීක්ෂණ මෙහෙයවයි.