එබෝලා වෛරසය යළිත් කොංගෝ ජනරජය ආශ්‍රිතව පැතිරයාම ඇරඹීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 200ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙසේ මියගිය පිරිසෙන් අඩකට වැඩි පිරිස බෙනී ප්‍රදේශයේ ජීවත් වූවන්ය. මෙම උතුරුදිග කිවියු පළාත ආශ්‍රිතව පුද්ගලයන් ලක්ෂ 8ක් පමණ ජීවත් වන බවද සෞඛ්‍ය බලධාරීහු පවසති.
නමුත්, මෙතෙක් එබෝලා වෛරසය පිටුදැකීම වෙනුවෙන් එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ එන්නත් ලබාදී ඇත්තේ පුද්ගලයන් 25,000කට පමණක් බවද කියැවෙයි.
එහි ක්රියාත්මන වන ආයුද සන්නද්ධ සටන්කාමීන් හේතුවෙන් මෙම එන්නත් වැඩසටහන දිගින් දිගටම පවත්වාගෙන යාම අපහසු බව පවසන සෞඛ්‍ය අමාත්‍ය ඔලී ඉලුන්ගා පෙන්වා දෙන්නේ, ඔවුන් මෙම සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කරන බවයි.
විශේෂයෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේදී සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් එන්නත් කිරීමේ වැඩසටහන යම් කාලයක් නවතා දැමීමටද ඔවුන්ට සිදුව ඇත.