නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ වෙරළාසන්න ලැව්ගිනි පැතිර යාමක් නිසා එම පළාත්වල වෙසෙන සිය ගණනක් ජනයා ඉවත්කර තිබේ.
බලධාරීන් පවසන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සඳහා වාර්තා වී ඇති ලැව්ගිනි, මෙම සමයේ නරකම ආරම්භය සනිටුහන් කර ඇති බවයි.
එහිදී, අද (10දා) දිනය වනවිට අසල්වැසි නිව් සවුත්වේල්ස් හි හෙක්ටයාර් 100,000ක් පුරා ලැව්ගිනි 58ක් ඇවිලී ගොස් තිබේ.
මෙම ගිනි ගැනීම් නිසා නිවාස 12ක් පමණ විනාශ වී ඇති නමුත්, ගිනි නිවන භටයින්ගේ දැඩි කැපවීම නිසා බොහෝ නිවාස ආරක්ෂා කරගැනීමට හැකිවී ඇත.
කෙසේ වෙතත්, ක්වීන්ස්ලන්තයේ සන්ෂයින් වෙරළ තීරයෙහි ප්‍රධාන පෙරමුණක් තබාගැනීම සඳහා ගිනි නිවන භටයින් 300කට වැඩි පිරිසක් සඳුදා රාත්‍රිය පුරා දැඩි සටනක නිරත වූ බවද බලධාරීන් පවසයි.
මෙම ලැව්ගිනි පෙරෙජියන් බීච් හි නේවාසික ප්‍රදේශයට දැඩිව තර්ජනය කර ඇති අතර මෙතෙක් එක් දේපලක් විනාශ කර දමා ඇතැයිද කියයි.