නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීමත් සමග ඔස්ට්‍රේලියාව 2021 වසරේ ප්‍රථම කොවිඩ්-19 මරණය වාර්තා කර තිබේ.
90 වැනි වියේ පසුවන කාන්තාවක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අතර, ඇය අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සමග පොරබදමින් සිටි තැනැත්තියක බව කියයි.
නිව් සවුත් වේල්ස් හි නව ආසාදන 77ක් සමග අද (11දා) දිනයේ නව ආසාදන වාර්තාවක් සටහන් වූ අතර, මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසුවේ සති තුනක අගුලු දමා ඇති රටේ විශාලතම නගරය වන සිඩ්නි සහ ඒ අවට රෝගීන් සංඛ්‍යාව ඉදිරි කාලය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.