ඔස්ට්‍රේලියාවේ මෑතකාලයේ ඇති වූ ලැව්ගිනි හේතුවෙන් සත්ත්ව විශේෂ 113කට ඔවුන්ගේ ගහණය මෙන්ම නිජබිම් අහිමි වී ඇති බැවින් කඩිනම් උදව් අවශ්‍ය බව හඳුනාගෙන තිබේ.
මෙම නව වාර්තාව අනුව යම් ලෙසකින් මෙම කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් එම සතුන් තුරන්ව යා හැකි බවටද අනතුර අඟවා ඇත.
විශේෂයෙන්ම දකුණු හා නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ ඇති වූ ලැව්ගිනි තත්ත්වය නිසා මෙම සතුන්ට සිය නිජබිම්වලින් 30%ක් පමණ අහිමි වී ඇත.
කෝලා වළසුන්, කැංගරුවන්, කුරුල්ලන්, මත්ස්‍ය විශේෂ සහ ගෙම්බන් වැනි සතුන් මේ අතර සිටින බව කියයි.
පර්යේෂකයන් විසින් මීට පෙර පවසා තිබුණේ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් සතුන් බිලියනයක් පමණ විනාශ වන්නට ඇති බවයි.