නැවතත් ලෝකයේ සෙසු ප්‍රදේශවලට සිය දේශසීමා විවෘත කිරීමේ සැලසුමට ලබන වසරේ මැද භාගයේ සිට ඔස්ට්‍රේලියාව සූදානම් වන්නේ, ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම අවසන් කරන ලෙසට එල්ලවන පීඩනය නොතකමිනි.
2020 මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාව ජාතික නොවන සහ අනේවාසිකයින් සඳහා වූ දේශසීමා වසා දැමූ අතර එතැන් සිට සීමිත ජාත්‍යන්තර පැමිණීම්වලට පමණක් ඉඩ ලබාදෙන ලදී. එමෙන්ම මෑතකදී ඉන්දියාවේ සිට පැමිණීමට උත්සාහ කළොත් දඬුවම් පැමිණවීමක් ගැනද ඔස්ට්‍රේලියාව කතා කළේය.
අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් රූපවාහිනී සාකච්ඡාවකදී කියා සිටියේ, "වෛද්‍ය උපදෙස් අනුව අපට මඟ පෙන්වනු ලැබෙනවා, ආර්ථික උපදෙස් මගින් අපට මඟ පෙන්වනු ලැබෙනවා" යනුවෙනි.
මීට පෙර එරට භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාවට පැවසුවේ දේශසීමා වසා තබා ගැනීම සඳහා වූ වෛද්‍ය උපදෙස් මෙම අර්බුදය තුළ රටක් ඉතා හොඳින් රට ආරක්ෂා කිරීමට ඉවහල් වූ බවය.
ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීම, හදිසි අගුලු දැමීම්, වේගවත් සම්බන්ධතා සොයා ගැනීම සහ මහජන සෞඛ්‍ය අනුකූලතාව සමග ඒකාබද්ධව එහි පාලන පියවර ලෝකයේ වඩාත්ම ඵලදායී කොවිඩ්-19 වසංගතය පිටුදැකීමේ රටක් ලෙස ශ්‍රේණිගත කර ඇත. එරට ආසාදන 29,700ක් පමණ වන අතර, 910ක් මිය ගියහ.