ධවල මන්දිරයේ රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක්ද ඇතුළත් සතියක් පුරා දිවෙන එක්සත් ජනපද සංචාරය සඳහා ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ඇමෙරිකාව වෙත ළඟා වී තිබේ.
ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් හමුවූ අවසථාවේදී අගමැති මොරිසන් වෙත කාලතුවක්කු වෙඩිමුර සහිත හමුදා උත්තමාචාරයක්ද පිරිනමා ඇත.
අගමැති මොරිසන්, ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන්ට පසුව ජනාධිපති ට්‍රම්ප් විසින් නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දුන් දෙවැනි ලෝක නායකයාය.
දේශපාලනික වශයෙන් ඉතා කිට්ටු සබඳතාවක් පවත්වන මෙම රාජ්‍ය නායක දෙපළ, බොහෝ අවස්ථාවල එකිනෙකා ප්‍රශංසා කරගන්නා ආකාරයද දැකිය හැකිය.
අගැමති මොරිසන් ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදී දශක ගණනාවක් පුරා ඇදී යන දෙරටේ මිත්‍රත්වය සම්බන්ධයෙන් ඔවුන් බොහෝවේලාවක් කතාබහේ යෙදී ඇත.