ඔස්ට්‍රේලියානු ජාතික ගුවන්විදුලිය හෙවත් ABC ආයතනයේ වෙබ් විකාශය අත්හිටුවීමට චීනය කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම ආයතනය පෙන්වා දෙන්නේ දැනට සති දෙකක සිට මෙම වෙබ් අඩවියට හෝ ඔවුන්ගේ ඇප් වැඩසටහනට ඇතුළු වීමට චීනය විසින් අවස්ථාව අහුරා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් චීන නියාමකයන් පවසා ඇත්තේ ABC වෙබ් අඩවිය මගින් රටේ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත්, ඔවුන් සිදුකර ඇති උල්ලංඝනය කිරීම කුමක්ද යන්න පැහැදිලි කර නැති බවද කියැවෙයි.
චීනය බොහෝ අවස්ථාවල තම රට තුළ ක්‍රියාත්මක වන විදේශීය නාලිකාවන්ගේ විකාශන කටයුතු වරින් වර අවහිර කරන්නේ තම රටේ භෞමික අඛණ්ඩතාවට හෝ ඔවුන්ගේ අනන්‍යතාවට තර්ජනයක් වන කටයුතු වළක්වමිනි.
මෙය බොහෝ අවස්ථාවල බටහිර විවේචනයට ලක් වුවද, චීනය මේ තාක් ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත්වීම පසුපසද මෙවැනි නියාමනයක් හේතු වී ඇති බවද තතු දත්තෝ පවසති.