ඔස්කාර් සම්මාන උළෙල සඳහා එක්සත් ජනපදයේ සජීවී රූපවාහිනී ප්රේක්ෂකයන් එදාමෙදා තුර අඩුම අගයක් මෙවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
නීල්සන් සමීක්ෂණ ආයතනය උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ, මෙවර ආසන්න වශයෙන් මිලියන 23.6ක ප්රේක්ෂක පිරිසක් රූපවාහිනිය ඔස්සේ එය නරඹා ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය වසරේදී මිලියන 29.5ක ජනතාවක් මෙම සම්මාන උළෙල නරඹා තිබීම හේතුවෙන්, මෙවර එම අගය ශීඝ්ර පහළ යෑමකට නතුව ඇති බවද එම සමීක්ෂණ වාර්තා ඇසුරෙන් පෙන්වා දෙයි
එමෙන්ම මීට වසර 92කට පෙර සම්මාන උළෙල ආරම්භ වීමෙන් පසුව පසු දකුණු කොරියානු ඉංග්රීසි නොවන පැරාසයිට් චිත්රපටය මෙවර හොඳම චිත්රපටයට හිමි සම්මානය දිනාගනිමින් ඉතිහාසය ප්රතිනිර්මාණය කළ අවස්ථාවක මෙලෙස ප්රේක්ෂකයන් ප්රමාණය පහළ යෑමද සුවිශේෂී තත්ත්වයකි.
මෙවර ජූඩි චිත්රපටයේ රංගනය වෙනුවෙන් හොඳම රංගන ශිල්පිනිය ලෙස රෙනී සෙල්වෙගර් සම්මාන ලැබූ අතර, ජෝකර් වෙනුවෙන් හොඳම නළුවා ලෙස ජොකින් ෆීනික්ස් සම්මාන ලැබීය. එමෙන්ම මෙවර වැඩිම සම්මාන ප්රමාණයකට නිර්දේශ වූ චිත්රපටයද ජෝකර් චිත්රපටය වුවත්, සම්මාන 4ක් ලෙස වැඩිම සම්මාන දිනාගැනීමට පැරාසයිට් චිත්රපටය සමත් විය.