ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර කොවිඩ්-19 වෛරසයට එරෙහිව වැඩිහිටි ජනගහනයෙන් වැඩි පිරිසකට එන්නත් ලබාදීම සඳහා ජපානය විශාල එන්නත් කිරීමේ මධ්‍යස්ථාන අද (24දා) විවෘත කර තිබේ.
ටෝකියෝ සහ ඔසාකාහි මධ්‍යස්ථාන දිනපතා දහස් ගණනකට එන්නත් ලබාදෙන අතර, ජපානයේ මන්දගාමී එන්නත් කිරීමේ ක්‍රියාවලියට ශක්තියක් වෙමින් නිලධාරීන් සිව්වන ආසාදන රැල්ලට එරෙහිව සටන් කරමින් සිටියි.
ටෝකියෝවේ පළමු වරට එන්නත ලබා දුන් අය අතර 66 හැවිරිදි ටෙට්සුයා යුරේනෝ පැවසුවේ එය ඉක්මනින් ලබා ගැනීම වඩා හොඳ බවයි. එමෙන්ම එය ඉතා සුමටව සිදුවූ බවද හෙතෙම කීවේය.
ඉදිරි මාස තුන සඳහා දිනකට 10,000කට ආසන්න පිරිසකට එන්නත් ලබාදීම සඳහා ටෝකියෝ පහසුකම දිනකට පැය 12ක් ක්‍රියාත්මක වේ. ජපානයේ බටහිර අගනගරය වන ඔසාකා හි දිනකට මාත්‍රා 5,000ක් ලබාදීමට සූදානම් වෙයි.
ජපානයේ වැඩිහිටියන් සඳහා විශාල එන්නත් කිරීමේ මධ්‍යස්ථාන ඇස්ට්‍රාසෙනෙකා සහ සිකුරාදා අනුමත කරන ලද මොඩෙර්නා එන්නත භාවිතා කරයි.