ඇමෙරිකානු වැඩිහිටි ජනගහනයෙන් 70%ක් ජූලි 4දා වනවිට අවම වශයෙන් කොවිඩ්-19 මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබීමේ ජනාධිපති බයිඩන්ගේ ඉලක්කයට ළඟාවීමට හැකි වුවහොත්, නොමිලේ බියර් එකක් ලබාදෙන බවට ඇන්හියුසර්-බුෂ් සමාගම සිදුකළ නිවේදනය ජනාධිපතිවරයාද තහවුරු කරයි.
රජයේ දත්තවලට අනුව එක්සත් ජනපද වැඩිහිටියන්ගෙන් 63%ක් පමණ දැනට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන ඇත. ඒ අනුව වයස අවුරුදු 21ට වැඩි වැඩිහිටියන් 70%ක ඉලක්කය කරා ළඟා වුවහොත් නොමිලේ බියර් ලබාදෙන බවට ඇන්හියුසර් බුෂ් සමාගම විසින් කරන ලද නිවේදනයට ජනාධිපතිවරයා මෙසේ ප්‍රශංසා කළේය.
"ඒක හරි, එන්නත විද ගන්න, බියර් එකක් ගන්න" බිඩෙන් පැවසීය. "අපව අවසන් වටයට ගෙනඒම සඳහා රට පුරා සිටින සෑම කෙනෙකුම එකට එක්විය යුතුයි" ඔහු පැවසීය. "මම ඔබට පොරොන්දු වෙනවා, අපට මෙය කළ හැකියි."
ධවල මන්දිරය විසින් ජනතාව තුළ එන්නත්කරණය උනන්දු කරවීම සඳහා ඉස්මතු කරන ලද තවත් නව මුල පිරීම් කිහිපයක් ගැන විදෙස් වාර්තා පෙන්ව දෙයි. ඒවා නම්,
* එන්නත් ලබාගන්නා හෝ එන්නත ලබාගැනීමෙන් සුවය ලබන දෙමාපියන් සහ රැකබලා ගන්නන් සඳහා ප්‍රධාන ළමා රක්ෂණ සේවා සපයන්නන් හතර දෙනෙකුගෙන් නොමිලේ ළමා රක්ෂණාවරණ.
* එන්නත් ලබාගත හැකි දිවයින පුරා පිහිටි ෆාමසි දහස් ගණනක එන්නත් ලබාදීමේ කාලය සිකුරාදා රාත්‍රියේ තවදුරටත් දීර්ඝ කිරීම.
* අඩු එන්නත් අනුපාතයක් සහිත අසල්වැසි ප්‍රදේශවලට ජනතාවට එනනත් ලබාගැනීමට උනන්දු කරවීම.
* එන්නත විදගැනීම සඳහා ජනතාව දිරිමත් කිරීමට උප ජනාධිපති කමලා හැරිස්ගේ නායකත්වයෙන් යුත් එන්නත් චාරිකාවක්.
* එන්නත් කිරීම දිරිගැන්වීම සඳහා කළු ජාතික බාබර් සාප්පු හා රූපලාවණ්‍යාගාර හිමිකරුවන් හා ගනුදෙනුකරුවන් සමග වැඩ කිරීමේ මුලපිරීම.