මුඛ ආවරණ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල යාවත්කාලීන මගපෙන්වීම් නොතකා තවමත් මුඛ ආවරණයක් පැලඳ සිටීමට කැමති, සම්පූර්ණ එන්නත් ලබා ඇති පුද්ගලයන්ගේ ක්‍රියාවෙහි කිසිදු වරදක් නැතැයි එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පැවසීය.
"මිනිසුන්ට ඔවුන්ගේම පෞද්ගලික තේරීමක් කළ හැකියි. ඔබට එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරිය කියූ දේ විද්‍යාව මත පදනම් වූ නිර්දේශය වන අතර, එය නිර්දේශයක් පමණයි. මිනිසුන්ට මුඛ ආවරණයක් තවදුරටත් පැලඳීමට අවශ්‍ය නම් එය කරන්න" ජනාධිපති බිඩෙන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශකවරයාද වන වෛද්‍ය ෆවුසි පැවසීය.
"යම් අවදානමක් ගැනීමට අකමැති අය සිටින අතර, එහි කිසිදු වරදක් මා දකින්නේ නැහැ. ඔවුන් තවදුරටත් මුඛ ආවරණය පැලඳ සිටියාට ඔබ ඔවුන් විවේචනය කරන්න යන්න එපා." වෛද්‍ය ෆවුසි කීවේය.
"ඒ වගේම මුඛ ආවරණයක් නොමැතිව, ගෘහස්ථව මෙන්ම එළිමහනේද ගමන් කිරීමට හැකිවීම ඇත්තෙන්ම ජයග්‍රාහී දිශාවට තැබූ විශාල පියවරක්" වෛද්‍ය ෆවුසි තවදුරටත් පැවසීය. "නමුත් මට නොමේරූ ජයග්‍රහණයක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. මෙය පැහැදිලිවම අපට යා යුතු ජයග්‍රාහී දිශාවේ පියවරක් පමණයි."
"ඒ වගේම දරුවන් තම මිතුරන් සමඟ සෙල්ලම් කරන විට සහ විශේෂයෙන් ගෘහස්ථ තත්ත්වයකදී ඔවුන් කරන දේ ඔබ දන්නවා" වෛද්‍ය ෆවුසි සඳහන් කළේය.
එම නිසා එන්නත ලබා ගැනීමට තරම් වයසින් අඩු ළමයින්ට ගෘහස්ථව සහ වෙනත් අය සිටින විට මුඛ ආවරණයක් තවදුරටත් පැලඳ සිටීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළේය. එමෙන්ම දැනට එන්නත් ලබාදෙන නව යොවුන් වියේ දරුවන් සහ වැඩිහිටියන්ට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දීමෙන් පසු මුඛ ආවරණය ඉවත්කර සිටිය හැකි බව වෛද්‍ය ෆවුසි වැඩිදුරටත් කියා සිටියේය.