ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 206,166,805ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (14දා) උදෑසන වාර්තා කරයි.
ඒ අනුව මේ වනවිට ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ වර්ධනයක් පසුගිය සති කිහිපයේ නිරීක්ෂණය කරමින් තෙවැනි රැල්ලක ආරම්භය සනිටුහන් කර තිබේ.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 4,344,715ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.
මේ අතර වසංගතයට එරෙහිව ලොව පුරා ආරම්භ වී ඇති එන්නත්කරණය යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා 4,610,658,306ක් ලබාදී ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.