එක්සත් රාජධානියේ ගෙවීගිය පැය 24ක කාලයේදී අවම වශයෙන් පුද්ගලයින් 54 දෙනෙකු මියගොස් ඇති බව එරට දත්ත වාර්තා පෙන්වා දෙයි.
එංගලන්තය, ස්කොට්ලන්ත රජය සහ වේල්සයේ ජාතික සෞඛ්‍ය සේවාවන්ට අනුව එංගලන්තයේ මරණ 46 ක්, ස්කොට්ලන්තයේ 4 ක් සහ වේල්සයේ 4ක් වශයෙන් මෙම මරණ වාර්තා වෙයි.
ඒ අනුව එක්සත් රාජධානිය තුළ මේ වනවිට අවම වශයෙන් සමස්ත මරණ 335ක් වාර්තා වී තිබේ.