එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් කරන ලද යාවත්කාලීන කිරීමකට අනුව, එරට තුළ කොවිඩ්-19 හෙවත් නව කොරොන වෛරස් රෝගීන් 61ක් මේ වනවිට තහවුරු වී තිබේ.
මෙම පිරිසෙන් 43 දෙනෙකු දැනට ජපානයේ නැංගුරම්ලා සිටින ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින අතර, තවත් තිදෙනෙකු චීනයේ ප්‍රතිකාර ලබයි. එක්සත් ජනපදය තුළ මේ වනවිට ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 15කි.
යාවත්කාලීනයට අනුව ජපානයේ නැංගුරම්ලා සිටි ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි පුද්ගලයන් 285 දෙනෙකු දැනට එක්සත් ජනපදයේ නිරෝධායනය යටතේ සිටියි.
එක්සත් ජනපද දැනට සිටින ආසාදිතයන් 15 දෙනා කැලිෆෝනියාවේ 9ක්, මැසචුසෙට්ස් හි එක් අයෙක්, වොෂිංටන් හි එක් අයෙක්, ඇරිසෝනාහි එක් අයෙක්, ඉලිනොයිස් හි දෙදෙනෙක් සහ විස්කොන්සින්හි දෙදෙනෙක් ඇතුළත් වේ. මෙම අවස්ථා අතර, පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වූ අවස්ථා දෙකක් ඇති අතර, එකක් ඉලිනොයිස් සහ අනෙක කැලිෆෝනියාවෙනි.